Flying Twitter Bird Widget By way2blogging.org

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

Saturday, November 24, 2012

ජීවිතය..





ඔබගේ අදහසත් අපට වටිනවා
Like / Comment එකක් දාලම යන්න...


                                                   සිතුවිලි සටහන්|Sithuwili Satahan|
This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

Friday, November 23, 2012

තරහින් ගන්නා තීරණ..





ඔබගේ අදහසත් අපට වටිනවා
Like / Comment එකක් දාලම යන්න...


                                                   සිතුවිලි සටහන්|Sithuwili Satahan|
This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

Saturday, November 3, 2012

නියම තතු නොදැන තීරණ ගන්න එපා....



වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල් එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ. 

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.." 

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්දු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්රාශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"

ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.
ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක..

සෑම මිනිසෙකු පිටුපසම සැගවුනු කථාවක් ඇත එය හරිහැටි නොදන
ඔවුන්ගැන තීර්ණය නොකරන්න


ඊ ලිපියක් අසුරෙන් සකසන ලද්දකි... අයිතිය සැබෑ නිර්මාණකරු සතුය.

|සිතුවිලි සටහන් | Sithuwili Satahan|
|sithuwilisatahan.blogspot.com|



හොදයිනම් Like / Comment එකක් දාලම යන්න...


|සිතුවිලි සටහන්|Sithuwili Satahan| | http://sithuwilisatahan.blogspot.com/ | | සුජාන් චමිදු | Sujan Chamidu | | edsujan@gmail.com |

උගත්කම..


උගත්කම පිළිබදව ආඩම්බර වීම තරම් නූගත්කමක් තවත් නොමැත..
උගතකුගේ වටිනාකම තවත් වැඩිවන්නේ තවකෙකුට එය කියාදීමෙන් මිස
තමාගේ උගත්කම පිළිබද උදම් ඇනීමෙන් නොව.....

සංකල්පය: ජනිත මධුසංඛ






ඔබගේ අදහසත් අපට වටිනවා
Like / Comment එකක් දාලම යන්න...


                                                   සිතුවිලි සටහන්|Sithuwili Satahan|
This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

Thursday, November 1, 2012

''ජීවත් වීම උදෙසා ජීවිතේ සමග ඔට්ටු වීම''





ඇත්තෙන්ම මේක මගේ සිත කම්පා කල දර්ශනයක්....පොඩ්ඩක් කියවලා බලන්න් පේන දේට වඩා කොච්චර ලොකු දෙයක්ද මෙතන තියෙන්නේ කියලා...

මම වැවට ගියේ ලස්සන පොටෝ ටිකක් ගන්න..මේ සහෝදරයා වැව පුරා පපුව මට්ටමට විතර එරි එරි මෙහෙම පැය දෙක තුනක් මල් කැඩුවා...මමත් පින්තූර කිහිපය්ක් ගත්තා...ඔහු වැවේ ඇවිද්දේ හරිම හිමින්,අපහසුවෙන් වගේ...පැය දෙහෙකට විතර පස්සේ ඔහු ගොඩට අවා...ඒ එන අවස්තාවේ ගත්ත පින්තූරයක් තමයි මේ...


දන්නවද ඊට පස්සේ උන දේ....ඔහු ජලයෙන් ගොඩට එත්දියි මං දැක්කේ ඔහු බොරු කකුලක් පැලදගෙනයි මේ අවදානම් වැඩේ කලේ....අදහගන්නත් බැරි උනා...ගොඩට ඇවිත් ප්‍රාඩෝ එහෙක ආපු මහත්තයෙකුට රුපියල් තුන ගානේ මල් ටික දීලා ඔහු බොරු කකුල ගලවමින් වැව් බැම්මේ වාඩි උනේ මා සමගත් සිනාසෙමින්...

මං ඔහු ලගට ගිහින් ඇහුවා මොකද උනේ කියලා....වැවේ කෙලවර දිහා බලාගෙන ඔහු කට කොනකින් හිනාඋනා....

''මම ආමි එකේ,විශේෂ කාර්ය බලකායේ සාම්පූර්වල ඉදිරි ආරක්ශක වලල්ලකදි කකුලට බට්ටෙක් පෑගුනා මහත්තයෝ.ජීවත් වෙන්න ඕනේ නිසයි වැවේ මල් කඩලා කීයක් හරි හොයා ගන්නේ...''මොනවා කරන්නද ජීවිතේ හැටි තමයි මේ...

මගේ හිතට ඒ වෙලේ දැනුන හැගීම මට දැනුත් දැනෙනවා දැනෙනා වගේ...

''ඉතින් කකුලකුත් නැතුව ඔහොම වැවේ යන එක අවදානම් නැත්ද?''

හ්ම්..... නොගිහින් කොහොමද මහත්තයෝ....මීට දවස තුන හතරකට කලින් නූලෙන් බේරුනේ මේ රස්සාව කරන්න ගිහින....

''ඒ ඇයි''

''මල් කඩන්න අද වගේම වැව මැද්දට ගිහින් ඉත්දි මහා වැස්සක් වැස්සා.....හිමින් හිමින් ගොඩට එන්න හදත්දි මාව එරුනා...බොරු කකුලනම් කමක් නැහැ...අනිත් එක එරුනේ...මං කොහොමද ඒක එලියට ගන්නේ....බැලුවා හරි යන්නෙම නැහැ...වැස්සත් එක්ක වැවේ වතුරත් වැඩි වෙන්වා...මං පැය තුනක් විතර වතුරේ එහෙම්මම හිටියා ජීවිතේ ගැන අමතක කරලා...මට මගේ දරුවෝ මතක් උනා,මගේ බිරිද,මගේ දෙමව්පියෝ....මං වතුරත් එක්ක,මගේ බොරු කකුලත් එක්ක පැය තුනක් සටන් කලා...අන්තිමට පපුව ගාවට තිබ්බ වතුර ටික ටික මගේ බෙල්ල ගාවටම ආවා...මං හිතුවා මේ මගේ අවසානය කියලා...උදව් ඉල්ලන්න කෙනෙක්වත් නෑ...අන්තිමට මගේ පෙර වාසනාවකටද කොහෙද පාරේ යන මල්ලි කෙනෙක් දැකලා ටක්ගාලා වතුරට පැනලා මාව බේර ගත්තා......මං හිතුවේ එදා මං ඉවරයි කියලා''

හ්ම්.....මං එදා ඔහුට සමුදූන්නේ දරාගන්න බැරි වේදනාවක් හදවතේ පුරෝගෙන....මට ඒක තාමත් දැනෙනවා............
 
 
copyright by Dasun Wanaguru fb wall


හොදයිනම් Like / Comment එකක් දාලම යන්න...

Wednesday, October 31, 2012

පුංචි කථාවක්...


රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.

1.තණකොල කැපීමට - Rs.100
2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200
3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250
4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300
5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීම
ට - රු.250
6.වත්ත සුද්ද කිරීමට - රු.500
ගෙවීමට ඇති මුළු වටිණාකම = රු.1600

තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.

1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ
2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ
3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට බෙහෙත් ටික පෙවීම - නොමිළේ
4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ
5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ
6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.
''සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී''

උපුටාගැනීම රන්දික සහෝදරයාගේ fb පිටුවෙන්

හොදයිනම් Like / Comment එකක් දාලම යන්න...

Friday, October 26, 2012

ආදරණීය අම්මා.....



සංවේදී පුංචි කථාවක්.............

මගේ අම්මට තිබුනෙ එක ඇහැයි. මම ඇයට වෛර කලා. ඇය මට ලොකු හිසරදයක් වුනා. ඇය ජීවිකාව හැටියට කලේ මම ඉගෙනගත්ත පාසලේ ආපනශාලාවට ආහාර සැපයීම. එය තමා තාත්තත් නැති අපේ පවුලට තිබුණු එකම ආදායම් මාර්ගය....

මම ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්න කාලෙ දවසක් අම්මා මාව බලන්න මගේ පන්තියට ආවා... ඇය කොහොමට මට මෙහෙම අවමන් කරන්නෙ? මට දැනුනෙ ලොකු අපහසුවක්.. මම ඇයව මගහැරියා. මම ඇයට රවලා ඉක්මනින් ඈතට දුවගෙන ගියා.... එදා ඉදන් මට පන්තියේ යාලුවෝ මට අම්මා ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා......

ඊයා..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි කියලා...

එදා ගෙදර ගියපු මම අම්මට බැන්නා.

පන්තියේ යාලුවන්ට මාව විහිලුවක් කරන්නද ඔයාට ඕනි? ඇයි ඔයා මැරිලවත් යන්නෙ නැත්තෙ?

අම්මා මට මුකුත් කිව්වෙ නෑ............ මම ඇයට එච්චර තදින් බැනවැදුනු එක ගැන මට කිසිම දුකක් දැනුනෙ නෑ, මට ඒ තරමටම ඇයත් එක්ක තරහක් තිබුණා....

මට අවශ්‍ය වෙලා තිබුනෙ කොහොමහරි ඇගෙන් වෙන් වෙලා මේ ගෙදරින් පිටවෙන්න... එහෙම කරන්නනම් මම හොදින් ඉගෙන ගන්න ඕනිබව තේරුණ නිසා මම ගොඩක් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වුනා.

මගේ උත්සාහය සාර්ථක වුනා, මම මුහුණ දුන්න හැම විභාගයකින්ම උසස්ලෙස සමත් වුනා, මට විදේශ විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය සදහා ශිෂ්යත්වයක් ලැබුනා.. මම ගොඩක් සතුටින් මගේ අම්මගෙනුයි, අපේ ගෙදරිනුයි,  වෙන්වෙලා විදේශගත වුනා. වසර ගණනකට පස්සේ නැවත පැමිණි මට රටේ නම ගිය ආයතනයකින් උසස් රැකියාවකුත් ලැබුණා.... මම මගේම කියල නිවසක් තැණුවා.. උසස් පවුලකින් විවාහයකුත් කරගත්තා...  අහන හැම දෙනාටම මම කිවුවෙ මගේ අම්මයි තාත්තයි දෙන්නම මියගිහින් කියලා, මගේ බිරිද පවා දැනගෙන හිටියෙ නෑ මගේ අම්මා ගැන.. මම කවදාවත් අම්මව බලන්න ගියේ නෑ...........

කාලයක් ගතවුනා, මේ වෙනකොට මම සුරතල් දරුවො දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්..
නිවාඩු දවසක අපි හැමෝම ගෙදර ඉන්න වෙලාවෙ ගෙදර සීනුව නාදවෙනවා ඇහිලා දොර ඇරලා බලනකොට හිටියෙ මගෙ අම්මා, ඇය පෙරටත් වඩා විරූපී වෙලා,ගොඩක් වැහැරිලා.. ඇගේ විසුලු ස්වරූපය දුටු මගේ දරුවෝ දෙන්නා මහ හඩින් සිනාසෙන්න ගත්තා, ආරාධනාවක් නැතුවම මගේ නිවසට පැමිණීම ගැන මට ඇයත් එක්ක දැනුනේ ලොකු තරහක්... මම ඇයට හයියෙන් බැනවැදුණා.

මොකද මගේ ගෙදරට ඇවිත් මගේ ළමයින්ව බය කරන්නේ? යනවා යන්න එලියට

අනේ මට සමාවෙන්න, මට ලිපිනය වරදින්න ඇති. කියලා හෙමීට කිවුවා.. අම්මා ඉක්මනින් යන්න ගියා..

කාලය ගෙවිලා ගියා. දවසක් මට ලිපියක් ලැබුනා, මම ඉගෙනගත්ත පාසලේ පැවැත්වෙන සුහද හමුවක් ගැනයි ඒ ලිපියේ සදහන් වුනේ. පරණ යාලුවො මුණගැහෙන්න හොද අවස්ථාවක් නිසා එයට සහභාගී වෙන්න මම තීරණය කලත් ඒ ගැන බිරිදට ඇත්ත කිවුවෙ නෑ... රාජකාරී කටයුත්තකට සහභාගීවෙන බව ඇයට කියලා නියමිත දිනයේදී මම ගමනට පිටත් වුනා.

සුහද හමුව ගොඩක් විනෝදජනක එකක් වුනා, මගේ පරණ යාලුවෝ ගොඩ දෙනෙක් දකින්නට ලැබුනේ වසර ගණනකට පස්සේ. සුහද හමුව අවසන් වෙලා ආයෙත් එන්න පිටත්වෙන්න කලින් අම්මා ජීවත්වෙන ගෙදරට ගියේ කුතුහලය නිසා...
ඒත් ඒ ගෙදර වසා දමලයි තිබුනේ, මාව දැකපු අසල් වාසියෙක් මට කිව්වෙ මගේ අම්මා සති ගණනකට කලින් මිය ගියා කියලයි. අම්මා වෙනුවෙන් මගේ ඇස් දෙකෙන් එකම කදුළු බිදුවක්වත් ඇද හැලුනේ නෑ.... මට දුකක් දැනුනෙත් නෑ.

මම පරණ නිවසට සමුදීලා එන්න පිටත් වෙනකොට ඔවුන් මට ලිපියක් භාරදුන්නා, කවදා හරි මම ආවොත් දෙන්න කියලා අම්මා ඔවුන්ට ඒ ලිපිය දීලා තියෙන්නෙ.. ඇය මියයන්න දින ගණනකට කලින්.



මගේ ආදරණීය පුතා වෙත,

මට පුතාව හැම මොහොතෙම මතක් වුනා, මට පුතාව බලන්න ලොකු ආසාවක් තිබුනු නිසයි පුතාව බලන්න පුතාගෙ අලුත් ගෙදරට ආවෙ., මට සමාවෙන්න.... පොඩි කාලේ මම පුතාට කරදරයක් වුන එක ගැනත් මට සමාවෙන්න....

පුතා දන්නවද, පුතා ගොඩක් පොඩිකාලෙ සිද්ධවුන අනතුරක් නිසා පුතා ගොඩක් තුවාල වුනා, පුතාගෙ එක ඇහැක් අයින් කරන්න වුනා. අම්මා කෙනෙක් හැටියට මගේ පුතා එක ඇහැක් එක්ක ලොකුවෙනවා දකින්න මම කැමති වුනේ නෑ, ඒ නිසා මම මගේ එක ඇහැක් පුතාට දුන්නා.

මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. මට කවදාවත් දකින්න නොලැබෙන ලෝකයක් මම වෙනුවෙන් මගේ ඇහෙන් බලපු පුතා ගැන මට තියෙන්නෙ කියාගන්න බැරිතරම් සතුටක්....
මම පුතාට ගොඩක් ආදරෙයි.

මීට පුතාගෙ අම්මා.


උපුටාගැනීම E-ලිපියකින්.
|සිතුවිලි සටහන් | Sithuwili Satahan|
|sithuwilisatahan.blogspot.com|



හොදයිනම් Like / Comment එකක් දාලම යන්න...

|සිතුවිලි සටහන්|Sithuwili Satahan|