Flying Twitter Bird Widget By way2blogging.org

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

සිතුවිලි සටහන් | Sithuwili Satahan

This blog is design by | සුජාන් චමිදු රුචිරාන් | Sujan Chamidu Ruchiran | edsujan@gmail.com | sithuwilisatahan.blogspot.com|

Wednesday, October 31, 2012

පුංචි කථාවක්...


රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.

1.තණකොල කැපීමට - Rs.100
2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200
3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250
4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300
5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීම
ට - රු.250
6.වත්ත සුද්ද කිරීමට - රු.500
ගෙවීමට ඇති මුළු වටිණාකම = රු.1600

තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.

1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ
2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ
3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට බෙහෙත් ටික පෙවීම - නොමිළේ
4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ
5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ
6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.
''සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී''

උපුටාගැනීම රන්දික සහෝදරයාගේ fb පිටුවෙන්

හොදයිනම් Like / Comment එකක් දාලම යන්න...

Friday, October 26, 2012

ආදරණීය අම්මා.....



සංවේදී පුංචි කථාවක්.............

මගේ අම්මට තිබුනෙ එක ඇහැයි. මම ඇයට වෛර කලා. ඇය මට ලොකු හිසරදයක් වුනා. ඇය ජීවිකාව හැටියට කලේ මම ඉගෙනගත්ත පාසලේ ආපනශාලාවට ආහාර සැපයීම. එය තමා තාත්තත් නැති අපේ පවුලට තිබුණු එකම ආදායම් මාර්ගය....

මම ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්න කාලෙ දවසක් අම්මා මාව බලන්න මගේ පන්තියට ආවා... ඇය කොහොමට මට මෙහෙම අවමන් කරන්නෙ? මට දැනුනෙ ලොකු අපහසුවක්.. මම ඇයව මගහැරියා. මම ඇයට රවලා ඉක්මනින් ඈතට දුවගෙන ගියා.... එදා ඉදන් මට පන්තියේ යාලුවෝ මට අම්මා ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා......

ඊයා..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි කියලා...

එදා ගෙදර ගියපු මම අම්මට බැන්නා.

පන්තියේ යාලුවන්ට මාව විහිලුවක් කරන්නද ඔයාට ඕනි? ඇයි ඔයා මැරිලවත් යන්නෙ නැත්තෙ?

අම්මා මට මුකුත් කිව්වෙ නෑ............ මම ඇයට එච්චර තදින් බැනවැදුනු එක ගැන මට කිසිම දුකක් දැනුනෙ නෑ, මට ඒ තරමටම ඇයත් එක්ක තරහක් තිබුණා....

මට අවශ්‍ය වෙලා තිබුනෙ කොහොමහරි ඇගෙන් වෙන් වෙලා මේ ගෙදරින් පිටවෙන්න... එහෙම කරන්නනම් මම හොදින් ඉගෙන ගන්න ඕනිබව තේරුණ නිසා මම ගොඩක් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වුනා.

මගේ උත්සාහය සාර්ථක වුනා, මම මුහුණ දුන්න හැම විභාගයකින්ම උසස්ලෙස සමත් වුනා, මට විදේශ විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය සදහා ශිෂ්යත්වයක් ලැබුනා.. මම ගොඩක් සතුටින් මගේ අම්මගෙනුයි, අපේ ගෙදරිනුයි,  වෙන්වෙලා විදේශගත වුනා. වසර ගණනකට පස්සේ නැවත පැමිණි මට රටේ නම ගිය ආයතනයකින් උසස් රැකියාවකුත් ලැබුණා.... මම මගේම කියල නිවසක් තැණුවා.. උසස් පවුලකින් විවාහයකුත් කරගත්තා...  අහන හැම දෙනාටම මම කිවුවෙ මගේ අම්මයි තාත්තයි දෙන්නම මියගිහින් කියලා, මගේ බිරිද පවා දැනගෙන හිටියෙ නෑ මගේ අම්මා ගැන.. මම කවදාවත් අම්මව බලන්න ගියේ නෑ...........

කාලයක් ගතවුනා, මේ වෙනකොට මම සුරතල් දරුවො දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්..
නිවාඩු දවසක අපි හැමෝම ගෙදර ඉන්න වෙලාවෙ ගෙදර සීනුව නාදවෙනවා ඇහිලා දොර ඇරලා බලනකොට හිටියෙ මගෙ අම්මා, ඇය පෙරටත් වඩා විරූපී වෙලා,ගොඩක් වැහැරිලා.. ඇගේ විසුලු ස්වරූපය දුටු මගේ දරුවෝ දෙන්නා මහ හඩින් සිනාසෙන්න ගත්තා, ආරාධනාවක් නැතුවම මගේ නිවසට පැමිණීම ගැන මට ඇයත් එක්ක දැනුනේ ලොකු තරහක්... මම ඇයට හයියෙන් බැනවැදුණා.

මොකද මගේ ගෙදරට ඇවිත් මගේ ළමයින්ව බය කරන්නේ? යනවා යන්න එලියට

අනේ මට සමාවෙන්න, මට ලිපිනය වරදින්න ඇති. කියලා හෙමීට කිවුවා.. අම්මා ඉක්මනින් යන්න ගියා..

කාලය ගෙවිලා ගියා. දවසක් මට ලිපියක් ලැබුනා, මම ඉගෙනගත්ත පාසලේ පැවැත්වෙන සුහද හමුවක් ගැනයි ඒ ලිපියේ සදහන් වුනේ. පරණ යාලුවො මුණගැහෙන්න හොද අවස්ථාවක් නිසා එයට සහභාගී වෙන්න මම තීරණය කලත් ඒ ගැන බිරිදට ඇත්ත කිවුවෙ නෑ... රාජකාරී කටයුත්තකට සහභාගීවෙන බව ඇයට කියලා නියමිත දිනයේදී මම ගමනට පිටත් වුනා.

සුහද හමුව ගොඩක් විනෝදජනක එකක් වුනා, මගේ පරණ යාලුවෝ ගොඩ දෙනෙක් දකින්නට ලැබුනේ වසර ගණනකට පස්සේ. සුහද හමුව අවසන් වෙලා ආයෙත් එන්න පිටත්වෙන්න කලින් අම්මා ජීවත්වෙන ගෙදරට ගියේ කුතුහලය නිසා...
ඒත් ඒ ගෙදර වසා දමලයි තිබුනේ, මාව දැකපු අසල් වාසියෙක් මට කිව්වෙ මගේ අම්මා සති ගණනකට කලින් මිය ගියා කියලයි. අම්මා වෙනුවෙන් මගේ ඇස් දෙකෙන් එකම කදුළු බිදුවක්වත් ඇද හැලුනේ නෑ.... මට දුකක් දැනුනෙත් නෑ.

මම පරණ නිවසට සමුදීලා එන්න පිටත් වෙනකොට ඔවුන් මට ලිපියක් භාරදුන්නා, කවදා හරි මම ආවොත් දෙන්න කියලා අම්මා ඔවුන්ට ඒ ලිපිය දීලා තියෙන්නෙ.. ඇය මියයන්න දින ගණනකට කලින්.



මගේ ආදරණීය පුතා වෙත,

මට පුතාව හැම මොහොතෙම මතක් වුනා, මට පුතාව බලන්න ලොකු ආසාවක් තිබුනු නිසයි පුතාව බලන්න පුතාගෙ අලුත් ගෙදරට ආවෙ., මට සමාවෙන්න.... පොඩි කාලේ මම පුතාට කරදරයක් වුන එක ගැනත් මට සමාවෙන්න....

පුතා දන්නවද, පුතා ගොඩක් පොඩිකාලෙ සිද්ධවුන අනතුරක් නිසා පුතා ගොඩක් තුවාල වුනා, පුතාගෙ එක ඇහැක් අයින් කරන්න වුනා. අම්මා කෙනෙක් හැටියට මගේ පුතා එක ඇහැක් එක්ක ලොකුවෙනවා දකින්න මම කැමති වුනේ නෑ, ඒ නිසා මම මගේ එක ඇහැක් පුතාට දුන්නා.

මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. මට කවදාවත් දකින්න නොලැබෙන ලෝකයක් මම වෙනුවෙන් මගේ ඇහෙන් බලපු පුතා ගැන මට තියෙන්නෙ කියාගන්න බැරිතරම් සතුටක්....
මම පුතාට ගොඩක් ආදරෙයි.

මීට පුතාගෙ අම්මා.


උපුටාගැනීම E-ලිපියකින්.
|සිතුවිලි සටහන් | Sithuwili Satahan|
|sithuwilisatahan.blogspot.com|



හොදයිනම් Like / Comment එකක් දාලම යන්න...

|සිතුවිලි සටහන්|Sithuwili Satahan|